රෝග ඇතිවීමට හේතු, රෝග ලක්ෂණ සහ දේශීය පිළියම් පිළිබඳ අපගේ වීඩියෝ. ඔබ දැනගැනීමට කැමති රෝගය හෝ රෝග ලක්ෂණය තෝරා අදාළ වීඩියෝ බලන්න.
බයිපාස් පිළිබඳව වෛද්‍යවරයා පැහැදිලි කරන මෙම වීඩියෝව නරඹන්න.
තයිරොක්සින්, ශරීර උණුසුම, කුෂ්ට රෝග, අර්ශස්, හිසේ කැක්කුම් ඇතුළු බොහෝ රෝගවලට මූලික හේතුව රත්තපිත්තයයි. මෙම වීඩියෝවෙන් රත්තපිත්ත ඇතිවන ආකාරය සහ එය බොහෝ රෝගවලට බලපාන ආකාරය පැහැදිලි කරයි.
ආහාර රටාව සහ ජීවන රටාව නිසා ආමාශයේ අම්ලතාව වැඩිවී අම්ල පිත්ත රෝගය ඇතිවන ආකාරය සහ එය දේශීය ක්‍රමවලින් පාලනය කරගත හැකි ආකාරය මෙම වීඩියෝවෙන් විස්තර කරයි.
අකලට හිසකෙස් ගැලවී යාමට හේතු වන ශරීරගත තත්ත්ව, හිස්හොරි සහ මානසික ආතතිය මෙන්ම දේශීය තෙල් හා ඖෂධ මගින් හිසකෙස් සුරැකෙන ආකාරය මෙම වීඩියෝවෙන් පැහැදිලි කරයි.
පපුවේ හා පෙනහළුවල සෙම තැන්පත්වීම, දිගු කලක් පවතින කැස්ස සහ හතිය / ඇදුම වැනි තත්ත්ව සඳහා ගෙදරදීම කළ හැකි දේශීය පිළියම් සහ ප්‍රතිකාර පිළිබඳ දැනුවත් කිරීමක්.
තයිරොයිඩ් ග්‍රන්ථියේ අක්‍රියතාව නිසා බර වැඩිවීම, තෙහෙට්ටුව සහ මනෝභාවයේ වෙනස්කම් ඇතිවන ආකාරය සහ දේශීය ප්‍රතිකාර මගින් එය පාලනය කරගත හැකි ආකාරය මෙයින් විස්තර වේ.
රුධිරයේ අධික මේද හා කොලෙස්ටරෝල් හෘද සෞඛ්‍යයට බලපාන ආකාරය, පපුවේ වේදනාව වැනි අනතුරු ඇඟවීම් සහ ආහාර පාලනය හා දේශීය ඖෂධ මගින් හෘදය සුරැකෙන ආකාරය පිළිබඳ දැනුවත් කිරීමක්.
වයස්ගත වීම, ධාතු අසමතුලිතතාව සහ ජීවන රටාව නිසා සන්ධි ඉදිමීම, උදෑසන සන්ධි තද ගතිය සහ ඇවිදීමේ අපහසුතා ඇතිවන ආකාරය සහ දේශීය ප්‍රතිකාර පිළිබඳ දැනුවත් කිරීමක්.
මෙම පෙරහනට ගැලපෙන වීඩියෝ නොමැත.